Gossip NewsLatest

බාලවයස්කාර ජපන් තරුණිය රැගෙන ලංකාවට ආ තරුණයා රක්ෂිත බන්ධනාගාරයට

ජපන් ජාතික ව්‍යාපාරිකයෙකුගේ බාල වයස්කාර දියණියක් ශ්‍රී ලංකාවට කැදවාගෙනවිත් විවාහ කරගත් ශ්‍රී ලාංකික තරුණයා දෙසැම්බර් මස 3 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

එමෙන්ම, එම බාල වයස්කාර දැරිය පරිවාස භාරයට යොමු කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (26) දිනයේ දී නියෝග කර ඇත. ඇය මේ වනවිට පස්මස් ගැබිණියක් වන අතර භාෂා පරිවර්තකයෙකුගේ සහයක් ඇතිව එම තරුණියකගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට ද පොලිසිය කටයුතු කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම, මෙම සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැණුනු 3 දෙනෙකු ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර ඇත.

මොවුන් මීට මාස පහකට පෙර දිවයිනට පැමිණ ඇත්තේ මෙම ජපාන ජාතික දියණියගේ මව මෙම ප්‍රේම සබඳතාවට විරුද්ධත්වය පළ කිරීම හේතුවෙන් බවට ප්‍රශ්ණ කිරිම්වලදී අනාවරණය වී ඇතැයි කොච්චිකඩේ පොලිසිය සඳහන් කළා.

ශ්‍රී ලාංකික තරුණයා අධ්‍යාපනය සඳහා ජපානයට ගොස් සිටින අතරතුර සිය පෙම්වතියගේ නිවසේ තාවකාලිකව සේවය කරමින් සිටියදී මෙම සබඳතාව ගොඩනගාගෙන ඇති බවයි පරීක්ෂණවලදී හෙළිව ඇත. මව මෙම සම්බන්ධයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම හේතුවෙන් පෙම්වතියගේ ද කැමැත්ත මත තරුණයා ඇය ශ්‍රී ලංකාවට කැදවාගෙනවිත් තිබෙනවා.

පසුව මේ සම්බන්ධයෙන් මෙම දැරියගේ මව ජපාන තානාපති කාර්යාලය දැනුම්වත් කර තිබූ අතර මොවුන් දෙදෙනා ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවේදී කටුනායක ගුවන්තොටුපළට තානාපති කාර්යාලයේ නියෝජිතයන්ද පැමිණි සිටි බවයි වාර්තා වුණේ.

පසුව මොවුන් දෙදෙනා තරුණයාගේ නිවස ආසන්නයේ තානායමක රඳවා ඇති අතර ජපාන ජාතික මව ශ්‍රී ලංකාවට පැමිණි දිනට පෙර මොවුන් එම ස්ථානයෙන් පැනගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ප්‍රශ්ණ කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මොවුන් නුවරඑළිය, දියතලාව සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල හෝටල් කිහිපයක නවාතැන් ගෙන සිටි බවයි. පසුව කොච්චිකඩේ පොලිසියට ලද තොරතුරක් අනුව ඊයේ මූදුකටුව ප්‍රදේශයේදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සම්බන්ධිත පුවත්

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *