ASP පුතාගෙන් ඇමති තාත්තාට සැලියුට් එකක්
මහජන ආරක්ෂක අමාත්‍ය ලෙස දිව්රුම් දුන් රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර බත්තරමුල්ලේ සුහුරුපායේ දී ඊයේ (30) වැඩ භාර ගනිද්දී ඔහුගේ පුත් සහකාර පොලිස් අධිකාරී සචිත්‍ර වීරසේකර සිය පියාණන්ට ආචාර දැක්වීම ‘දිවයින’ පුවත්පතේ ඡායාරූප ශිල්පියා විසින් සිය කැමරා කාචයේ සටහන් කරගෙන තිබුනා.
මෙම අවස්ථාවේ ඇති අනෙක් විශේෂස සිදුවීම වන්නේ, එම අවස්ථාවට සහභාගී වූ අමාත්‍ය සරත් වීරසේකර, ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහ සහකාර පොලිස් අධිකාරී වෛද්‍ය සචිත්‍ර වීරසේකර යන තිදෙනාම ආදි ආනන්දියයන් වීමයි.