FEATUREDLatest

‘බුරවී’සුළි කුණාටුවට නම දුන්නේ කවුද?

මේ වන විට මෙරට ජනතාවගේ අවධානය යොමු වී ඇති අද රාත්‍රී කාලය වන විට මෙරටට බලපානු ලබන සුළි කුණාටුව සඳහා තබා ඇති නාමය වන්නේ ” බුරවී” බව මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ පස්වරුවේ නිවේදනය කර සිටියා. මෙම සුළි කුණාටුව සඳහා එම නම තබා ඇත්තේ මාලදිවයින විසින් බවයි තොරතුරු වාර්තා වන්නේ.

2020 ඉන්දීය සාගරයේ බෙංගාල බොක්ක සුළි කුණාටු නාමකරණයේදී මාලදිවයින විසින් ලබාදී ඇති එම “බුරවී” යන නාමයේ සැබෑ තේරුම වන්නේ “කඩොලාන” සඳහා මාලදිවයින විසින් භාවිතා කරන නාමයයි.

ඉන්දු – ආර්යයන් භාෂාව ලෙස හඳුන්වනු ලබන Dhivehi යන භාෂාව කතා කරන මාලදිවයින් ජාතිකයින්ගේ භාෂාවෙන් මෙම සුළි කුණාටුව සඳහා නම් තබා ඇති බවයි ලෝක කාලගුණ විද්‍යා සංවිධානය සඳහන් කරන්නේ.

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *