Gossip NewsLatest

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙළ ගැසූ කොරෝනා ආසාදිතයා රක්ෂිත බන්ධනාගාරයට

බණ්ඩාරගම අටුලුගමදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙළ ගැසූ කොවිඞ් ආසාදිත සැකකරු අද (04) පෙරවරු 9.30ට පමණ බණ්ඩාරගම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ලබන 17 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පානදුර අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් නියම කර ඇත. රක්ෂිත බන්ධනාගාර ගත කල සැකකරු වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යාමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *