LatestPolitics

පාසල් සිසුවියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දීමට රජයේ අවධානය

පාසල් සිසුවියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දීමට අවධානය යොමු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් හට උපදෙස් ලබා දී ඇති බවට ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ අනුව, මෙම වැඩසටහන රජයේ පාසල්වල ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය අතර සාකච්ඡාවන් දැනටමත් ආරම්භ වී ඇති අතර ඉදිරියේ දි මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට වෙත ඉදිරිපත් කිරිමට නියමිත බව ද වාර්තා වේ.

පාසල් දරු දැරියන් ලක්ෂ 42ක් සිටින 6 ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණිවල පාසල් සිසුවියන්ට මේ ආකරයෙන් නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දීමට නියමිතය. ඒ අනුව, 6 ශ්‍රේණියේ සිට ඉහළට පාසල් සිසුවියන් ලක්ෂ 12කට පමණ නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දිමට අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ.

2015 වසරේ දී එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂගේ යෝජනාවකට අනුව මෙය ක්‍රියාත්මක කිරීමට සිටිය ද 2015 ජනවාරි 08 වන දින යහපාලන ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ මෙය ක්‍රියාත්මක නොවුන බව අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

එහෙත් අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසුවියන් මුහුණ දෙන දුෂ්කරතාවයන් ගැන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ අවධානය යොමු වූ බවත් 2015 වසරේ දි ක්‍රියාවට නැංවීමට තිබූ මෙම යෝජනාව වසර 5කට පමණ පසු නව රජය යටක්‍රෙියාත්මක කිරිමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තීරණය කර ඇති බව ද අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කරයි.

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *