FEATUREDFemale

ශෙමාරා වික්‍රමනායක ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනා අතරට

Forbes සඟරාව පළකර ඇති 2020 ලොව වඩා බලවත්ම කාන්තාවන් අතරට ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක (Shemara Wickramanayake) ඇතුලත්ව සිටිනවා. ඇය එම ලැයිස්තුවේ 29 වන ස්ථානයේ පසුවනවා. ශෙමාරා එක්සත් රාජධානියේ Macquarie සමූහ ව්‍ය්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරිනියයි.

එක්සත් රාජධානියේ උපත ලබා ඇති ඇය එහි මෙන්ම ශ්‍රී ලංකාවේද වාසය කිරීමෙන් පසු සිය දෙමාපියන් සමග වයස 13 දී ඕස්ට්‍රේලියාවට ගොස් තිබෙනවා.

ජර්මන් චාන්සෙලර් ඇන්ජෙලා මාකේල් මෙවරද ලොව වඩා බලවත්ම කාන්තාව ලෙස නම්කර තිබෙනවා. ඒ අඛන්ඩව 10 වැනි වරටයි. දෙවන ස්ථානය හිමිව ඇත්තේ යුරෝපා මහ බැංකුවේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලගාටේටයි. අමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස් තෙවන ස්ථානයේ පසුවනවා.

මෙවර රටවල් 30 ක කාන්තාවන් ලයිස්තුවට ඇතුලත් අතර ඉන් දස දෙනෙක් රාජ්‍ය නායිකාවන්. 38 දෙනෙකු ප්‍රධාන විධායක නිලධාරිනියන් වන අතර කලා ක්ෂේත්‍රයට අයත් වඩාත් බලවත් කාන්තාවන් ගණන 5 ක්.

දෙවන එළිසබෙත් මහ රැජිණට ලැයිස්තුවේ 46 වන ස්ථානය හිමිව තිබෙනවා. නවසීලන්ත අගමැතිනි ජසින්ඩා අර්ඩෙන් පසුවන්නේ 32 වන ස්ථානයේයි.

තායිවාන් ජනාධිපතිනි ට්සායි ඉන්ග් වෙන් 37 වන ස්ථානයේ පසුවන අතර බංග්ලාදේශ අගමැතිනි ශීක් හසීනාට හිමිව ඇත්තේ 39 ස්ථානයයි. නෝර්වේජියානු අගමැතිනී එර්නා සොල්බර්ග් ලොව වඩාත් බලවත් කාන්තාවන් අතර 52 වන ස්ථානයේ පසුවනවා.

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *