FEATUREDGossip News

උලමා සභාපති පාස්කු කොමිසමට වටලප්පන් ගෙනිහින්

පාස්කු සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන කරන ජනාධිපති කොමිසම හමුවට ඊයේ (10) සාක්ෂි ලබා දිමට පැමිණ සමස්ත ලංකා ජයමියතුල් උලමා සංවිධානයේ සභාපති රිස්වි මුෆ්ති සැක කටයුතු පාර්සල් කිහිපයක් කොමිෂන් සභාව ඇතුළට රැගෙන ගොස් ඇති අතර පසුව ඒ පිළිබඳව සොය බැලීමේ දී එම පාර්සල්වල තිබි ඇත්තේ වටලප්පන් බව තහවුරු වී ඇතැයි වාර්තා වේ.

මීට පෙර අවස්ථාවකදී ද එම සංවිධානයේ වැඩ බලන ලේකම්වරයෙකු ගලබොඩඅත්තේ ඡානසාර හිමියන් ලබා දුන් සාක්ෂිය ජංගම දුරකථනයකින් රහසිගතව පටිගත කරමින් සිටිය බව ද වාර්තා විය.

සාක්ෂි දිමට ඊයේ (10) පැමිණි සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ සභාපති රිස්වි මුෆ්ති කොමිසම් සභාවට ඇතුළු වන අවස්ථාවේ බාහිරින් ආවරණය කරන ලද කිසිවක් සභාව ඇතුළට රැගෙන අයුරු මාධ්‍යවේදින් නිරීක්ෂණය කර ඇත.

මේ පිළිබඳව කොමිසම් සභාව ඉදිරිපිට සේවයේ නියුතුව සිටි පොලිස් නිලධාරීන්ගෙන් සිදු කළ විමසිමක දී පවසා ඇත්තේ එම පාර්සල් පරීක්ෂාවට ලක් කළ බවත් එහි වටලප්පන් තිබෙන බවත් නිරීක්ෂණය වූ බවයි. එය කුමට රැගෙන යන්නේ දැයි විමසු විට කොමිසමේ සභාවේ නිලධාරෟන්ට දීමට රැගෙන යන බවට ඔහු සඳහන් කර ඇත.

පොලිස් නිලධාරින් වැඩිදුරටත් සඳහන් කළේ, වෙනත් දිනවල දී ද කොමිසම් සභා අභ්‍යන්තරයේ රජයේ නීතීඥ මණ්ඩලය ආහාර රැගෙන යන බැවින් මෙම පාර්සලය රැගෙන යාම සම්බන්ධයෙන් ද විරුද්ධ නොවූ බවයි.

එමෙන්ම, කොමිසම් සභාවේ සේවකයෙකු ද පැමිණ එම පාර්සල් අභ්‍යන්තරයට ගෙන යාමට සහය වූ බව පොලීසිය පවසා ඇත

කෙසේ වෙතත්, ඉන් මොහොතකට පසු මාධ්‍යවේදීන්ට නිරීක්ෂණය වී ඇත්තේ අදාළ පාර්සල් ජමෙයිතුල් උලමා සංවිධානයේ සභාපතිවරයා පැමිණි මෝටර් රථයට යළි දමා ගන්නා ආකාරයයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාව මෙතෙක් කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නැත.

-Aruna.lk-

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *