26 හැවිරිදි අවිවාහක පොලිස් කොස්තාපල්වරිය තිදරු මවක් සමඟ අසම්මත පෙමක
පොලිස් කොස්තාපල්වරියක හා තිදරු මවක් එකම දිකයකදි අබිරහස් අන්දමින් අතුරුදහන් විම සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලින් අනතුරුව මහනුවර මඩවල ප්‍රදේශයේ කුලී නිවෙසන සිටිය දි දෙදෙනාම අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.
සොයාගත් අවිවාහක තරුණිය හා විවාහක කාන්තාව භාරකරුවන් හමුවට පැමිණිමට අකමැත්ත පළ කිරිම නිසා පැමිණිල්ල අවසන් කිරීමට පොලීසිය කටයුතු කර ඇත.
මූන්දලම පොලීසියේ සේවයේ නිරත වූ පොලිස් කොස්තාපල්වරිය පසුගිය ජනවාරි මස 31 වන දා සිට සේවයට වාර්තා නොකර අතුරුදන් වීම හා හොරොව්පොතා, ඕළුගස්කඩවල පදිංචිව සිටි තිදරු මවක හදිසියේ ම එදින ම අතුරුදන් වීම සම්බන්ධයෙන් පොලිස් ස්ථානවලට පැමිණිලි ලැබී තිබෙනවා.
කොස්තාපල්වරියක වූ සිය දියණිය අබිරහස් ලෙස අතුරුදහන් වී ඇති බවත් ඇයට සිදු වූයේ කුමක් ද යන්න තහවුරු කර දෙන ලෙස කියමින් ඇගේ පියා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මිහින්තලය පොලිස් වසමේ පදිංචි මූන්දලම පොලීසියේ සේවයේ නිරතු වූ 26 හැවිරිදි අවිවාහක පොලිස් කොස්තාපල්වරිය ජනවාරි මස 31 වන දින රාජකාරියට වාර්තා කිරීමට එහි ගියත් ඇය සේවයට වාර්තා නොකිරිම නිසා පරීක්ෂණ පවත්වා ඇති අතරහොරොව්පොතානේ පොලිස් වසමේ පදිචි 36 හැවිරිදි තිදරු මවක් එදිනම අතුරුදහන් වී ඇති බව කියමින් පැමිණි ලැබී තිබේ.
මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ වෙත උපදෙස් ලබා තිබෙනා අතර ඔහු විසින් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි කීර්ති ලංකා ගීගනගේ වෙත ලබා දුන් උපදෙසින් අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණය අරඹා ඇත.
දිගු කළක් සිදු කළ පරීක්ෂණවලදී පොලිස් කොස්තාපල්වරිය හා තිදරු මව මිහින්තලය පොලිස් වසමේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක මීට පෙර සේවය කර තිබෙන බවත් එහිදී ඔවුන් දෙදෙනා අසම්මත පෙම් සබඳතාවක් ඇති කර ගෙන ඇති බවත් පොලීසිය තහවුරු කර ගෙන තිබිණි.
සිදු කළ පරීක්ෂණවලදී දෙදෙනා මහනුවර පිහිටි දිවයිනේ ප්‍රසිද්ධ ඇඟලුම් කම්හලක සේවය කරනා බව තහවුරු කරගෙන ඔවුන් කුලී පදනම මත නැවතී සිටි මඩවලගම නිවසට ගොස් පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කර තිබේ.
එහිදී තමන් දෙදෙනා අතර පෙම් සබඳතාවක් පවත්නා බවත් එය අතහැර මවුපියන් හමුවට යා නොහැකි බව කොස්තාපල්වරියා පොලීසියට පවසා තිබේ. තිදරු මවත් දරුවන් හා සැමියා හමුවට නැවත යෑමට නොහැකි බවත් ආදරයෙන් කල් ගත කරනා බැවින් තමන්ට පොලිස් කොස්තාපල්වරිය සමඟ ජීවත් විය යුතු බවත් පවසා ඇත.
කාන්තාවගේ සැමියා ඇයට දරුවන් තිදෙනා පිළිබඳව සිතා නිවසට පැමිණෙන ලෙස ඇවටිලි කර ඇතත් ඇය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙන අතර පියා දියණියට නැවත නිවසට පැමිණෙන ලෙස ඇවටිල් කර ඇතත් ඇයත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ අනුව, දෙදෙනාගේ ම ප්‍රකාශ සටහන් කර ගත් පොලිස්ය ඔවුන් දෙදෙනා මුදා හැර පැමිණිල්ල අවසන් කර ඇත.
පොලිස් සේවයට අපකීර්තියක් ඇති වන අන්දමින් සබඳතා පැවැත්වීමේ චෝදනාව මත පොලිස් කොස්තාපල්වරිය වහාම පොලිස් සේවයෙන් නෙරපා දැමීමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබෙනවා. අවිවාහක තරුණිය මේ ආකාරයට පවුල් තුනක් පමණ අවුල් කර ඇති බවත් පොලීසිය සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය කර ගෙන තිබේ.
අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂණ බණ්ඩාර විජේකෝන්ගේ උපදෙස් මත විමර්ශන ඒකක 01 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී.එස්. චන්ද්‍රසිරි, කොස්තාපල්වරුන් වන රාජරත්න (66954), චතුරංග (12406), මධුසංඛ (29287) යන නිලධාරීන් පැමිණිල්ල සම්බන්ධයෙන් ක්‍රියාකර තිබේ.