මනමාලයට කොරෝනා.. රක්වාන පැත්තක් ලොක්ඩවුන් කරයි
විවාහ ගිවිස ගැනීමේ උත්සවයක මනමාලයට කොරෝනා ආසාදනය වීම නිසා රක්වාන උක්වත්ත ප්‍රදේශය හුදකලා කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.
තවද එම උත්සවයට සහභාගී වූ පවුල් 10ක පුද්ගලයින් 45 දෙනෙකු පමණ පිරිසක් නිරෝධායනයට යොමු කර තිබේ.
කොරෝනා පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව සංචරණ සීමා ඉවත් කිරීමට කටයුතු කරන බවට ගොඩකවෙල සෞඛ්‍ය සේවා නිලධාරී කාර්යාලය පවසයි.