Gossip NewsLatestUncategorized

‘නයිවල ආශ්චර්යමත් ළමයා’ ගගනාමියෙකු වන කල්පනා චව්ලාගේ පුනරුත්පත්තියද ?

මීට වසර 17කට පෙර මියගිය ඇමරිකානු ගගනගාමියෙකු, ඉංජිනේරුවරියක් සහ අභ්‍යාවකාශයට ගිය පළමු ඉන්දියානු සම්භවයක් ඇති කල්පනා චව්ලාගේ පුනරුත්පත්තිය ‘නයිවල ආශ්චර්යමත් ළමයා’ වන සෙනුර ද යන්න මේ වන විට දැඩි කතාබහට ලක්ව තිබේ.

මෙම දරුවා ඉංග්‍රීසි හා හින්දි භාෂාව චතුර ලෙස කථා කරන අතර විශිෂ්ට බුද්ධි මට්ටමක් හා සාමාන්‍ය දැනුමක් ඔහු සතුව ඇත. ඔහුගේ දෙමව්පියන් සහ පවුලේ සාමාජිකයින් පවසන්නේ ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භ කර ඇති සෙනුර කිසි විටෙකත් ඉංග්‍රීසි හෝ වෙනත් විදේශීය භාෂාවක් හදාරා හෝ ඒ සම්බන්ධ කිසිවෙකු සමඟ සබඳතා පවත්වා නොමැති බවයි. සෙනුර ගම්පහ අඩු ආදායම්ලාභී පවුලක දරුවකු වන අතර ඔහුගේ දෙමව්පියන් ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ඔහුගේ ප්‍රාථමික අධ්‍යාපනයට පවා මුදල් යෙදවීමේ දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇත.

කෙසේවෙතත්, ඔහුගේ අතීත ජිවිතය පිළිබඳ ඔහු පවසන කතාවට අභ්‍යාවකාශ ගමන් සහ අභ්‍යාවකාශ යානා පිළිබඳ විශ්මයජනක තොරතුරු ඇතුළත් වේ.

බොහෝ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් සෙනුරගේ අතීත ජිවිතය පිළිබඳ විස්තරය සහ 2003 දී ඛේදජනක ලෙස මිය ගිය ඉන්දියානු – ඇමරිකානු ගගනගාමියෙකුගේ කතාව අතර සමානකම් දක්නට ලැබෙන බව නිරීක්ෂණය කර තිබේ.

දරුවාගේ යූ ටියුම් වීඩියෝව ගැන ප්‍රශංසා කළ හිටපු බැංකුකරුවෙකු වන තෙදනාත් පෙරේරා පැවසුවේ, ‘මේ දරුවා ඇදහිය නොහැකිය. ඔහුගේ කතාව ආශ්චර්යම් ලෙස යථාර්තයට සමීපය.” එහෙත් එය ප්‍රබන්ධයක් මෙන් පෙනෙන්නට පුළුවන. තමාට දැවෙන අත්දැකීමක් ඇති බව පවසමින් ඔහු අනතුරත් හා කාන්තාරයට වැටීම විස්තර කරයි. ඔහුට හින්දි භාෂාව ද කතා කළ හැකිය.”

ඔහුගේ කතාව 2003 පෙබරවාරි 1 වන දින කොලොම්බියාවේ අභ්‍යාවකාශ ෂටලය කඩා වැටීමෙන් මියගිය ගගනගාමින් හා සම්බන්ධ බව ස්ථීර වශයෙන්ම කිව නොහැකි බවත් සුනුබුන් ටෙක්සාස්හි පුුළුල් පාළු ප්‍රදේශයක වැටී ඇති බැවින් (ඔහු විස්තර කරන පරිදි) එම කණ්ඩායමේ ගගනගාමී කාන්තාව වූයේ ඉංජිනේරුවෙකු වූ ඉන්දියාවේ හර්යානා සිට පැමිණි කල්පනා චව්ලා පමණි. කුඩා පිරිමි ළමයා විස්තර කරන පරිදි, ඔහු ඉන්දියානු ගගනගාමියාගේ පුනරුත්පත්තිය විය හැකිය.

මූලික පරීක්ෂණයක් සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්දන ජයරත්න හා පසුව නාසා ආයතනය අමතන්නැයි තෙදනාත් පෙරේරා හරේන්දුට යෝජනා කරන බව පවසයි. බොහෝ අවස්ථාවන්හිදී මෙන් සමහර මතකයන් මැකී යා හැකි බැවින් මෙය කලින් කළ යුතු බව ඔහු සඳහන් කරයි.

චව්ලා යනු කොලොම්බියා ව්‍යසනයෙන් මිය ගිය අභ්‍යවකාශ යානයේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් හත් දෙනාගෙන් කෙනෙකි.

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *