FEATUREDGossip NewsLatest

ආසාදිත තරුණියන් සමඟ සෙල්ෆි ගැසූ සෞඛ්‍ය අංශ සේවකයෙකු නිරෝධායනයට

කොරෝනා ආසාදිත තරුණියන් සමග සෙල්ෆි ගැසූ සෞඛ්‍ය අංශ සේවකයකුට දින 14 ක් නිරෝධායනය වීමට සිදුවීමේ පුවතක් මහනුවර දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන ආයතනයකින් වාර්තා වේ.

එම පළාත් ආයතනය පිහිටි නගරය වෙත පිටින් පැමිණි තිස්පස් දෙනකුගේ කණ්ඩායමක සිටි හත් දෙනකු හට කොවිඞ්-19 වෛරසය ආසාදනය වීම නිසා එම හත්දෙනා ප‍්‍රතිකාර සඳහා යවා අනෙකුත් පිරිස ස්ථාන දෙකක නිරෝධායනයට යොමුකර තිබේ.

මෙහිදී තරුණ පිරිස එක් තැනකත්, තරුණියන් පිරිස තවත් ස්ථානයකත් වෙන වෙනම නිරෝධායනය කිරීමටද පියවර ගෙන තිබිණ.

මේ අතර එම පළාත් පාලන ආයතනයේ සෞඛ්‍ය අංශ මගින් එම තරුණියන් සිටි ස්ථානයේ වටපිටාව සඳහා විෂබීජහරණ වැඩපිළිවෙළක් සකස් කොට එය තම සේවකයන් දෙදෙනකු හට භාරදී උපදෙස් ද ලබාදී පිටත් කර හැර තිබේ.

ගෝලයන් දෙදෙනා වැඬේ හොඳටම සිදුකොට එය තම ප‍්‍රධානීන්ට පෙන්වීම සඳහා එක් අයකු තරුණියන් සිටි නිවසේ ඇතුළට ගොස් එහි සිටි තරුණියන් 13 දෙනා සමග සෙල්ෆි ඡායාරූප ද රැගෙන නැවත තම සේවා ස්ථානය වෙත පැමිණ තමන් වැඬේ හොඳටම කළ බව පවසා එය තහවුරු කිරීම සඳහා ගත් සෙල්ෆි ඡායාරූප ද පෙන්වා තිබේ.

-දිවයින-

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *