FEATUREDGossip News

ජනප්‍රිය නිළියකගේ දියණියගේ වරලස කැපූ කතුන් තිදෙනා අල්ලයි

අනියම් සම්බන්ධතාවක් හේතුවෙන් ඇති වූ ආරවුලක් මුල්කරගෙන බලහත්කාරයෙන් කාන්තාවකගේ වරලස කපා දැමූ තිදෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුව ඉදිරිපත් කිරීමන් පසු ඇප මත මුදාහැර තිබෙනවා.

පසුගිය 13 වනදා ජනප්‍රිය වේදිකා සහ ටෙලිනාට්‍ය නිළියකගේ දියණියකගේ වරලස මෙලෙස කපා දමා ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකාර කාන්තාවන් තිදෙනෙක් පානදුර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාල කාන්තාව අනියම් සම්බන්ධතාව පවත්වාගෙන ගොස් ඇති පුද්ගලයාගේ 41 හැවිරිදි බිරිඳ, ඔහුගේ 17 හැවිරිදි දියණිය සහ අනියම් සම්බන්ධතාව පවත්වාගෙන ගිය කාන්තාවගේ 30 හැවිරිදි නෑනා බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකාරියන් තිදෙනා පසුගිය 13 වනදා රාත්‍රියේ පානදුර, ගොරකාන ප්‍රදේශයේ පිහිටා ඇති අදාල කාන්තාවගේ රූපලාවන්‍යාගාරයට කඩාවැදී ඇයට පහර දී ඇයගේ වරලස කපා දමා තිබුණා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලකට අනුව ඊයේ (14) අදාල සැකකාරියන් තිදෙනා අත්අඩංගුවට ගත් බවයි පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ.

අනතුරුව සැකකාරියන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැර ඇති අතර ඔවුන් දින 14ක් නිවසේ නිරෝධායනයට යොමු කරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම පුවත මිතුරන් අතරේ බෙදාහරින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *